OPPO F15 නිකුත් වුනා

2020 වසර සඳහා oppo ආයතනය ඔවුන්ගේ අලුත්ම smart phone එක oppo f15 නිකුත් කර තිබෙනවා .

අඟල් 6.4 ක Full HD 1080p තිරයකින් සමන්විත oppo f15 දුරකථනය Amoled තිරායක් සහිතව පැමිණේ. ප්‍රධාන කැමරා 4 ක් සහිතව පැමිණෙන අතර මේවා 48MP ක ප්‍රධාන කැමරාවකින් , 8MP ultra wide කැමරාවක් වගේම තවත් 2MP මොනක්රොම් කැමරාවකින් සහ අවසාන වශයෙන් 2MP ඩෙප්ත් කැමරාවකින් සහිත වේ.

මෙගා පික්සල් 16 ක සෙල්ෆි කැමරාවක් සහිත වන අතර 8GB Ram ධාරිතාවක් සහ 128GB internal storage එකක්ද සහිතයි .

මේ වෙද්දී oppo f15 දුරකතනයේ android 9.0 බලාගන්න පුළුවන් . ඒ වගේම oppo ආයතනය විසින් හඳුන්වා දෙන vooc 3.0 තාක්ෂණයත් එක්ක 20W fast charger එක හරහා oppo f15 දුරකතනයේ 50%ක් මිනිත්තු 30 ක් තුල charge කරගන්නත් පුළුවන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *