ශෙහාන්ගේ ක්‍රිකට් තහනම!

මිතුරන්ටත් දැනගන්න Share කරන්න

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුශංක මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් අතර සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ ඔහුට තහනම් කර තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසන්නේ අද (26) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම තිබෙන බවයි. 

ශෙහාන් මධුශංක ක්‍රිකට් ක්‍රීඩාවට, ක්‍රිකට් ආයතනයට එමෙන්ම ක්‍රීඩකයින්ට ද අපකීර්තියක් ඇතිවන ආකාරයෙන් කටයුතු කර ඇති බව මොහාන් ද සිල්වා මහතා පවසා තිබෙන අතර  ඔහු සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය මගින් පරීක්ෂණයක් සිදුකෙරෙන අතර එය අවසන් වන තෙක් ම මෙම තහනම බලපැවැත්වෙන බව එහි ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *