කො. වෛරසයට එරෙහිව එන්නතක්

කො. වෛරසට එරෙහිව නිපදවූ එන්නතක් වඳුරන්ට එන්නත් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව වාර්තා වේ.

කො. වෛරසයට එන්නත් කල වදුරන් නිරාවරණය කර ඇති අතර එහිදී ඔවුන්ගේ පෙනහළු ශ්වසන මාර්ගයට වෛරසය ඇතුළු වී ඇත්තේ සුළු වශයෙනි. මෙලෙස එන්නත ලබාදී ඇත්තේ දකුණු ආසියාවේ දක්නට ලැබෙන මැකාක් වඳුරන්ට යි.

ඇමරිකානු ජාතික සෞඛ්‍ය ආයතනයේ සහ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවියේ පරීක්ෂකයන් විසින් මෙම එන්නත නිපදවා ඇත.

මෙය වදුරන්ට සාර්ථකව ක්‍රියාකර ද මිනිසුන්ට එසේ ක්‍රියාත්මක කරන බව සහතික කළ නොහැකි බව පරීක්ෂණ පවසා ඇත.

කෙසේ වෙතත් මේ අත්හදා බැලීමේ කටයුතු බ්‍රිතාන්‍යයේ ආරම්භ කර ඇති අතර , එමෙන් මෙය පුද්ගලයන් දහසක නියැදියකට ලබාදීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *