ස්ලෝවැකියාවේ පාසලක පිහි ඇණුමක්

පාසලක උප ප්‍රධානියෙක් පිහි ඇණුමක් හේතුවෙන් මරණයට පත් වී ඇති බව උතුරු ස්ලෝවැකියාවෙන් වාර්තා වෙනවා. එම පාසලේම සිසුන් කීප දෙනෙක්ද අනතුරින් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Vrutky නගරයේ පාසලකට කඩා වැදුනු වයස 22 ක එම පාසලේම ආදි සිසුවෙක් මෙම අනතුර සිදු කර ඇති බවට වාර්තා වෙනවා.

පොලිසිය සිදු කළ වෙඩි තැබීමකදී ප්‍රහාරකයාත් මියගොස් තිබෙනවා.

මිය යාමට පෙර ඔහු සිදු කළ පහර දීමෙන් තවත් ගුරුවරියක් සහ ළමුන් දෙදෙනෙක්ට තුවාල සිදු වී ඇති අතර ඉන් එක් දරුවෙකු අසාධ්‍ය තත්වයේ පසුවන බව පොලිස් වාර්තා වල දැක්වෙනවා.

නමුත් ප්‍රරහාරකයාගේ අරමුණ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *