ඕමාන්හී සීමා ලිහිල් කිරීමක්

මිතුරන්ටත් දැනගන්න Share කරන්න

ඕමානයේ කො.වසංගත ව්‍යාප්තිය හමුවේ පනවන ලද සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර තිබෙන අතර එරට රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ලබන 29වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට කටයුතු කරන බවය.

කෙසේ නමුත් සමාජය තුළ හැසිරීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ඕමාන රජය පෙන්වා දී තිබෙන අතර එමෙන්ම කාර්යාල වෙත සියයට 50ක පමණ සේවක සංඛ්‍යාවක් පමණක් ගෙන්වා ගන්නා ලෙස ආයතන වෙත දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.ඕමානයෙන් මේ වන විට කො.ආසාදිතයින් 8373දෙනෙකු හදුනාගෙන ඇති අතර මරණ 38 ක් සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *